Sunday, January 22, 2017

56. ඉතින් දැන් මට කියන්න









Inspired by: චන්ද්‍රිකා  by chef-archi


ඒක මිට කලින් වෙලා තිබ්බෙම නැහැ. කොයිම විදියකින්වත් ඒ වගේ දැනීමක් මට නැතිබවට සහතික වෙන්න පුළුවන් උනත් මට දැන් ඉස්සර වගේ නෙවෙයි හරියටම මතකය රඳන්නේ නැති නිසා දිවුරලාම කියන්නත් බැහැ.

පොඩි දැවීම් රාශියක්, එකිනෙකට එකතු වෙලා මහා දැවීම් පොදියක් එක්කම මගේ ගමන පටන් ගත්තේ. මම හිතුවෙම මම අයිති නැති තැනකින් ගැලවිලා යන්න ලැබෙන එක තරම් වාසනාවක් තවත් තියෙන්න බැරිමය කියලා උනත් ඒ වෙන්වන මොහොතේදී මට හිතාගන්න බැරි අමුතු අයිතිකාරයෙක් මැවිලා තිබුනා. පුදුමේ කියන්නේ ඒ අයිතිකාරයා කොහේ ඉන්නවද, කොතන ඉන්නවද විතරක් නෙවෙයි, පණපිටින් ඉන්නවද කියන එකවත් මම ඒ වෙනවිට දැනගෙන හිටියේ නැහැ. මගේ ජිවිතේ අර්ධයක්ම මම දවාගෙන යන මේ ගමනේදී කිසිම ආකාරයක වියෝවක් නොදැනෙන බවට කොතරම් ලියකියවිලි තොගයකට මම විසින්ම කන අත්සන් දැම්මද? කෝ දැන් ඒවා??

ඈතට ඇදගෙන ගිහින් මහා අන්ධකාරයක් මද්දාවේ අතහැරලා දානකොටම මම ලොකු හුස්මක් ඇල්ලුවේ මොකටද කියල මටම තේරුනේ නැති නිසා දැන් මට තේරුම් කරලා දෙන්නත් බැහැ.

'දැන් ඉතින් අද පටන් උඹේ අළුත් ගෙදර මේ තමයි!..... තනියෙම ඉන්නනෙ ඕනෙය කිව්වේ.. දැන් ඉතින් සැනසීයන්'

මට ඒ කතාව ඇත්තටම කනට මී පැණි වගේ දැනෙන්න තිබ්බ දෙයක්. හත්වලාමයි, මට දැනුනේම භයංකාර නාදයක් මගේ වටේ ගිගිරුවා වගේ. ඇත්තටම අන්ධකාරය නිශේධ කරන්නට වට පිටේ සෑහෙන්න මද ආලෝකයක් සපයලා තිබුන එකත් මට දැනුනේ මහා වදයක් වගේ.










ඊට පස්සේ ඉතින් රාජකාරි!

එනකොට දැනුන මහා වියෝගය තුරුළු කරගෙන මම හැල්මේ දුවමින් මගේ රාජකාරියේ. ඉඳල හිටලා, දාඩිය දාපු අත්ල උඩට ගත්ත පොඩි කොළකෑල්ලක ලියපු කටුසටහනක් විදියට 'අයිතිකාරයා' දිහා බැලුවත්, මට නවතින්න විදියක් තිබ්බේ නැහැ. ඉතින් මම කලේ මද අන්ධකාරය විනිවිදව පුළුවන් තරම් දුරට දිලිසෙන්න හදපු එක.

එකපාරක්! එකම එක පාරක් අයිතිකාරයාගේ ඇස්දෙකට අහුවෙන්නයි මට ඕනේ කලේ.... මැටි මෝල් මම දැනගෙන හිටියේ නැහැනේ, අන්ධකාරයේ සමහර තැන්වලදී අඳුරම මිසක් ආලෝකයක් දිස්නයක් දෙන්නේ නැහැ කියල.

ඒ අතරින්, පුංචිම පුංචි බලාපොරොත්තු තිත් එක්ක හිනාවෙන්න මම කැමති උනා. අන්න එතකොටයි, පුංචි වැටවල් පසාරු කරගෙන, රබර් වතු පීරාගෙන ඒ දිස්නය පෙනෙන්නට ගත්තේ.

මම මුලිම්ම හිතුවේ මට උන්මාදයක්ය කියල. පස්සෙන් පහු ඒ උන්මාදය ගැනම මම උන්මාදයෙන්මයි හැසිරුනේ. ඉතින් මම දිලිසෙන වෙලාවට පුළුවන් තරමින්ම දිලිසෙන්නත්, අඳුරේ සැඟවෙන වෙලාවට දිස්නය මාව හොයන හැටි බලාන ඉන්නත් පුරුදු උනා.

ඉතින් දැන් මට කියන්න... චන්ද්‍රිකාවක් වෙන එක කියන්නේ අයිතිකාරයෙක් නැතිවෙන එකද කියල?





10 comments:

  1. අනේ මන්දා ඉතින් අපි දන් නෑ

    ReplyDelete
    Replies
    1. දන්නෑ ද? දැන් නෑද ?

      Delete
  2. පෝය දවසට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. හඳ මේරුවම තමයි මොලේ කුරුවල් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පෝය දවසට සිල්සමාදන් වෙන්න යනකොට කොලේක ලියාගෙන යන්න. හොඳට හරිබරි ගැහිලා බෝමළුවේ ගුලිවෙලා වාඩිවෙලා.... ( අනේ මන්ද මට මතක් වෙන්නේ පහන් පත්තු කරන තැන්වල කැවුම් ගුලි වගේ වකුටු වෙලා ඉන්න බල්ලොනේ.... ) කම්පනා කරලා බලන්නකෝ. ඉත්තේරුවෙම්ම ඔලුවට එයි

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අයිතිකාරයෙක් නැතිවුනාමත් හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. (ගුරුත්ව)+ ආකර්ෂණයක් නැත්තම් චන්ද්‍රිකාවක් උනත් යන්න යනවා කක්ෂයක් දිගේ යන්නේ නැතුව. ඉතින් ඒ බැඳීම තමයි පැවතීම කියන්නේ. චන්ද්‍රිකාව දැන හෝ නොදැන අයිතියට ලක්වෙලා නේද?

      Delete
  5. හැන්සල් සහ ග්‍රේට්ල් වගේ මොනව හරි දාගෙන ගියානම් ආපහු එන්න පාර හොයා ගන්න.
    කඩදාසි කොල කෑලි නම් හුලඟෙ යනව

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...