Tuesday, October 25, 2016

38. අතහරිනු මැන....


පිය-මව්-බිළිඳු ආදරය සංකේතාත්මකව පෙන්වන පින්තුරයක්



අතු ඉති රිකිලි මවමින්
නෙක සෙවනැලිද තනමින්
දරු කැල, නුඹට පණමෙන්
ආමි දුර කතරක්ද ගෙවමින්

නෙක පල වැල දරමින
කුරුළු කූජන ගයමින
මේ සා විසල් නුගරුක මෙන
වෙලිමි මා නුඹ රකිමින

විසල් අතු දැන් වෙහෙසයි
පැල පවා බෝ තරුණයි
හෙවනැල්ල වුව දැන් දරුණුයි
බිසවුනේ මා මෙලෙකයි

යනු නොහී වනගතවම
දියකරන ඔබ සිතුවම
දරු දුකද පිය බිරිඳම
අතහරිනු මැන මාවම  




No comments:

Related Posts Plugin for WordPress, Blogger...