Tuesday, July 11, 2017

119. අතුරු ආබාධ| versatile






කවි එක්ක උමතුව
රෑ දිවා වසන එක,
උත්තර බඳින්නට
නියපොතු හපන එක,

අතුරු ආබාධ සහිතය
දොස්තර නලාවට
වැටහෙන්නේ නැත්තේ ඒකය !



ප.ලි.
අර සිතුම් පැතුම් ලියන රයිටරේ එක්ක බැහැ අප්පා.... කවි ලියනවා එකසිය ගානට! ඉතින් මට මෙව්වා වෙනවා. මේ තියෙන්නේ 'මල්ලේ පොල්' ගතියෙන් මම මෙන්න මේ කවියට දාපු උත්තරේ. 



දැක්ක නේද ගැලපිල්ල හරියට තාච්චියේ හදපු ෆ්රුට් සැලඩ් එකක් වගේ ගැලපෙනවා, නේහ් ??? 


 

6 comments:

  1. මං කාව්‍යාබාධිතය.
    අතුරු ආබාධද සහිතය.

    ReplyDelete
  2. පන්හිඳ නලියන
    කිසිවක් නොලියන
    හිත හිත බැරි තැන
    උමතුයි හද මන.....

    ජයවේවා!!!

    ReplyDelete
  3. හපන්නට නියපොතු ඉතිරි වුනොත් ඇතිය... ලස්සනයි අදහස...

    ReplyDelete
    Replies
    1. හපන්නට මෙන්ම
      කොනහින්නට
      පවා නියපොතු
      අවැසි!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...