Monday, April 3, 2017

95. ඔබ ඇවිත් යන්න එන්න... - 30

30
----------------------------------







ට කොහෙවත් යන්න විදියක් නැහැ. මුර දාල වගේ. මම දැක්කා උදෙන්ම චන්දන ඇවිත් ඉන්නවා. ගෙදර මොකක් හරි වැඩකට නෙවෙයි නම්, චන්දන එන්නේ තනියට වගේ. එක්කෝ නංගි අසනීපෙන් ඉන්න හින්දා අම්මා ඇවිත් බලන්න කිව්වද දන්නෙත් නැහැ.

මට යන්න උවමනාවක් තිබ්බේත් නැහැ. නිකිනිව දකින්නේ කොහොමත් හෙට. මම දන්නවා මට හොඳ තීරණයක් ගන්න නිකිණි උදව් කරනවා කියලා. 

මම කලේ පැය විසි හතරම සයිකෝ ගහපු එක. ඒත් වටරවුමක් වගේ කොයි පැත්තෙන් කැරකිලා ආවත් මම නතර වෙන්නේ එකම තැනින්.

දවල් දොළහ ලං වෙලා, කන්නෙත් නැතුව නංගිට බෙහෙත් වගයක් ගන්න ඕනේ කියල චලන අමුතු කලබලයකින් පිටත් වෙලා ගියාට මම දැක්කා නංගිගේ බෙහෙත් තව ඉතුරු වෙලා තිබ්බා. මම කිසිම දෙයක් අහන්න ගියේ නැහැ. 

මට ඕනේ කලේ මගේ පාඩුවේ ඉන්න. මම නංගිවත් මග ඇරලා හිටියේ ඒකයි. චලන කිව්වා වගේ හැමෝම හිතනවා ඇත්තේ එකම දේ.

' මේ වල් කොල්ලා බැඳපු ගෑනියෙක් එක්ක සතියක් ඉඳල ඇවිත්'

මගේ කන්දෙක ඇතුලට කවුදෝ මුමුණනවා වගේ. 

අපේ අම්මට මොනවා කියනවා ඇද්ද? තාත්තට? නංගිට? මම දැන් මේ ගෙදරට පිළිලයක් වගේ. මොන එහෙකට මම ආයෙත් ගෙදර ආවද? මම නංගි නිදි වෙලාවක් බලලා ටෙලිෆෝන් එක ගාවට ගියා. මලා ඒකට ලොක් එකක් දාලා. 

'හෑ ! එහෙනම් කොහොමද ඊයේ රෑ චලන කෝල් එකක් ගත්තේ?' 

මම කටුවක් අරගෙන පැයබාගයක් විතර දඟලලා ලොක් එක ඇරියා. හුග වෙලාවක් රින්ග් උනාට පස්සේ එහා පැත්තෙන් ටෙලිෆෝන් එක ඉස්සුවා.



"හලෝ.."

"හලෝ ඔය කාන්තිද ? මම මේ කලණ "

"අඃහ්... කලණ මහත්තය... අනේ!!!!!!"

"නිකිණි නෝනා ඉන්නවද කාන්ති?"

එහාපැත්තෙන් මට ඇහුවේ විලාපයක්. මාව ෆුල් හොල්මන්.

"අනේ මහත්තයෝ..........."

"කාන්ති.. මොකද උනේ? මොකද උනේ? කෝ නිකිණි?"

"අනේ මහත්තයෝ... නෝනව ඉස්පිරිතාලේ ගෙනියලා"

"මොකක්? මොකද්ද වෙලා තියෙන්නේ?? හරියට කියනවකො...."

මට තරහ ගියා උපරිමේට.

"නෝනා.. අනේ නෝනට කවුද ඇසිඩ් ගහලා.. මේ දැන් මම මහත්තයාගේ නොම්බරේ හොයා හොයා හිටියේ.... "

මගේ ඇස්දෙක නිලංකාර වෙලා ගියා. එහෙම්මම බිත්තියට වාරු උනා.

"කෝ..  කො-කොයි වෙලේද ?"

"මේ දැන් මමත් දන්නේ... අනේ මහත්තයා.. මගේ නෝනා........"

"කොහෙටද ගෙනිච්චේ?"

"නුවර වෙන්න ඇති.. නුවර තමයි"

මම ටෙලිෆෝන් එක තිබ්බද කියල මතකයක් තිබ්බේ නැහැ. කොහොම එලියට පැනගත්තද කියලත් මතකයක් නැහැ. මගේ මුරට තියල ගියපු චන්දන ගේට්ටුව පැත්තේ ඉඳන් දුවගෙන ආවා.

"කොහෙද මහත්තයා යන්නේ.. යන්න දෙන්න එපා කිව්වා මට කොහේටවත්"

"මම දුවල එන්නම්.. උඹ දැක්කේ නැහැ කියපන්"

මම චනදනව ගණන් ගන්නේ නැතුවම දිව්වා. කොහොම හොස්පිටල් එකට ආවද කියලා මමවත් දන්නේ නැහැ.

ගේට්ටුවේ හිටිය මනුස්සයාටත් ගෝරියක් දාල මම කොහොම ඇතුලට පැනගත්තද මන්දා. මම හිටියේ සම්පුර්ණ අවසිහියෙන්. පිස්සෙක් වගේ මම ICU පැත්තට දුවගෙන ගියේ මෙලෝ සිහියක් නැතුව.




ICU එක ගාව සැලකියයුතු පිරිසක් හිටියා. මගේ දිවිල්ල ඇහිලා හැරිලා බලපු රොත්ත අස්සේ කාකි සුට් එකක් එක්කම හිටියේ..... අල්විසා!!!!

"මේ ඉන්නේ.. මට මූව තමයි සැක !"

අල්විස් කාරයා මගේ ඇඟට පනින්න හැදුවත් මම එහාට පැනගත්තා. ඒ එක්කම එතන හිටපු කරුණාරත්න බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. පොලිස් කාරෙයෝ දෙන්නෙක් පැනපු ගමන් මාව බදාගත්තා.

"මට නිකිනිව බලන්න දීපල්ලා!"

මම ගිරිය යටින් කෑගැහුවා.

"කට වහනවා.. මේක තමුසෙගෙ ගෙදර නෙවෙයි"

ඒ සැනින් මගේ අත්වලට මාංචු වැටුනා.

"පරයා.. තෝ නේද නිකිනිට මේ අපරාදේ කලේ?"

මම ඉස්සරහට පැනලා අල්විස් කාරයාගේ බඩට පයින් එකක් ගැහුවා. ඌ විසිවෙලා යනකොට ඊට වඩා දහ ගුණයක් සැර පාරවල් හය හතක්ම වැදිලා මාව ඇස්දෙකත් නිලංකාර වෙලා බිම ඉන්දුනා.

"අරන් පලයල්ලා මේකාව !"

මාව ඇදගෙන යනවා වගේ දැනුනේ. මගේ කකුල් දෙක පන නැති වෙලා. මට හරියට සිහිය තිබ්බේ නැහැ.

සිහියක් කියලා දෙයක් ලැබෙනකොට මම හිටියේ සීතල සිමෙන්ති පොලවේ කදාසියෙක් වගේ ගුලිවෙලා. මම අමාරුවෙන් වාඩි උනත් යටිබඩ ඇදුම් කනවා. 

'දෙය්යනේ නිකිණි.. මොකද්ද මේ උනේ?'


-----------------------------------

".. නෑ නෑ  මිස්ටර් වෙඩිසිංහ... එතන හිටියේ මම... මෙයා හිටියේ ගෙදර... අල්විස් එතනට ඇවිත් ඇසිඩ් බෝතලේ ගැහුවේ මම ඉස්සරහ"

මට චලනයා කියන දේවල් අහගෙන ඉන්න බැහැ වගේ. පොලිස් ලොක්කෝ දෙන්නා චලනයි , මමයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

"හ්ම්ම් කොහොමද ඒක ඔප්පු කරන්නේ?"

"මේ.. මගේ අත්වලටත් ඇසිඩ් විසි උනා.. ඇයි මමනේ එයාව හොස්පිටල් එකට ගෙනිච්චේ.. අහන්න අර පියන්ගෙන්"

චලන අත්දෙක ඉස්සරහට දික් කරනවා මම දැක්කා.

"ඒක නෙවෙයි අයිසේ.. තමන් කොහොමද මේ මිස්ගේ මහත්තයා ගැහුවා කියල කියන්නේ?"

"අනේ සර්... මගේ ඉස්සරහනේ.. මම එතන හිටියා.. අල්විස් දැක්කේ නැහැ"

"................"

"මේකයි සර්... මෙයාව නිදහස් කරන්න... එතන හිටියේ මම"

"තමුසෙලා අපිට බොරුව දානවා නේද?"

"මොන බොරුවක්ද සර්.. මේ මගේ අත් දෙකත් පිච්චිලා.. බලන්නකෝ සර් CCTV කැමරා වලින්වත්"

"තමුසේ එන්න ඕනේ නැහැ පරීක්ෂණ කරන විදිය අපිට කියල දෙන්න."

"සොරි සර්... එහෙම එකකට නෙවෙයි"

"හ්ම්ම්"


පැය බාගෙකට විතර පස්සේ කුඩුවේ දොර අරුනා. මාව එලියට දාල, චල ඇතුලට දැම්මා . මම චලනගේ ඇඟේ එල්ලුනේ පිස්සෙක් වගේ.

"චලන.. මොකද බන් උනේ.. මොකද මගේ නිකිනිට උනේ.."

"අල්විස් නිකිනිට ඇසිඩ් ගැහුවා බන්"

මාව එතනම බිම ඉන්දුනා.

"බල්ලා.... $@$#$#%%#$% මම ඕකව තියන්නේ නැහැ..."

"කට.. කට.. කට ටිකක් පරිස්සමෙන්  කතාකරපන්!

මම යකඩ කූරු මිරිකන්න වගේ තදින් ඇල්ලුවා.

"කලණ... කලබල එන්න එපා. උඹ කෙලිම්ම ගෙදර පලයන්"

"මම උඹව දාල යන්නේ නැහැ"

විනාඩි තිහක් ගියේ නැහැ අම්මා ආවා. අම්මාව අමාරුවෙන් එලියට යවලා මගේ ප්‍රශ්නේ මං චලනයාගෙන් ඇහුවේ හරි උත්තරයක් ලැබුනෙම නැති නිසා.

"උඹ කොහොමද එතන හිටියේ?"

චලනගේ මුණ අමුතු උනා.

"මම.. නිකිනිව හම්බෙන්න ගියා"

"ඇයි ? උඹ මම විදියටද ගියේ?"

මට ටිකක් තද උනා.

"ම.. ම.. මම නැහැ.. මම ගියේ මම විදියට... පොඩ්ඩක් කතාකරන්න ඕනේ හින්ද.. උඹට කියන්න උනේ නැහැ. මාව තේරුම් ගනින් බං.. මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ"

"ඉතින් මොනවද නිකිණි කිව්වේ?"

"මුකුත් නෑ "

මම ඇත්තටම ආපු ආවේගෙට කලේ, කූරු අතරින් අත දාල චලනගේ ෂර්ට් එකෙන් අල්ලලා ඇදලා ගත්ත එක.

"මුකුත් නෑ ??"

මම රත්වෙච්ච ඇස්වලින් කෙලිම්ම චලන දිහා බැලුව. ඌ බය වෙලා.

".................."

"උඹ මට හංගන්න එපා චලන.... උඹ නිකිනිව හම්බෙන්න ගියේ මේක නතරකරන්න කියන්නනේ? "

මම චලනව අල්ලලා විසික් කළා.  

"................"

"උඹ නිකිනිට බැන්නද?"

"..................."

"බැන්නද? කතාකරපන් හු$#$#$%#!"

"මට ටිකක් තරහ ගියා.... ඒ වෙලාවේ තමයි අල්විස් කාරයා එතනට ආවේ. "

'අල්විස්' මගේ උගේ නම ඇහෙනකොට ඇඟේ මාළු නටනවා වගේ.

".... මං එතනම පාත් වෙලා හැන්ගුනා. නිකිණි ගිරිය යටින් කෑගහනකොට මම බැලුවේ..... මගේ ඇඟටත් එක්ක ඇසිඩ් ඉහුනා.. ඌ නිකිනිට ඇසිඩ් ගැහුවා"

මාව කැරකෙනවා වගේ...

"තව කවුද එතන හිටියේ?"

"කවුරුත් නෑ .. අපි තුන්දෙනා විතරයි"

මම ඔලුව බිත්තියේ ගහගත්තා. අනේ මගේ නිකිණි...! මගේ පපුව නතර වෙන්න වගේ. මේ මොකද්ද මේ උනේ? මට ඒ කෙල්ලව බලන්න ඕනේ.... මට චලනව දාල යන්නත් බෑ... කාන්තිට කතාකලත් ගෙදර කවුරුත් ෆෝන් එකට ආන්සර් කලේ නැහැ. එදා රෑ මම චලන නිසා පොලිසියේ ඔහේ වැටිලා හිටියා.

නින්දක් අහලකවත් නැහැ. මට කෑගහල අඬන්න ඕනේ උනාට කිසිම වචනයක් පිටවෙන්නේ නැහැ.


--------------------------------

උදේ වෙනකොට කාසිය අනික් පැත්ත වැටුනා. CCTV නිසා චලනව කූඩුවේ එළියටත්, අල්විසා කූඩුවේ ඇතුලටත් ගියා. මට ඕනේ කලේ අල්විසාට ඇත්තටම මැරෙන්නම ගහන්න. ඒ උනාට චලන මාව ඉක්මනටම පොලිසියෙන් එලියට ඇදගෙන ආව. 

වෙලාව ගැන මට නිච්චියක් නැහැ. එක්කෝ පහට විතර වෙන්න ඇති. උදේ පාන්දරම මම දිව්වේ මුණක් වත් හෝදන්නේ නැතුව.

ICU එක පැත්තට මම පිස්සෙක් වගේ දුවගෙන යනකොට එතන මාධවී අක්කා ඉන්නවා.

"මාධවී අක්කේ.. නිකිනිට කොහොමද?"

"අනේ මල්ලි..."

මාධවී අක්කා හය්යෙන් කෑගහලා ඇඩුවා. එතන හිටපු කෙනෙක් මාධවී අක්කව වාරු කරගත්තා. මට දැන් ෂොක් එකක් වගේ.

".. මේ මොකද උනේ මල්ලියේ... මගේ නික්නිට මොකද උනේ මගේ මල්ලි"

මමත් එතනම බිම හිඟන්නෙක් වගේ වාඩිවෙලා ඔලුවේ අත්දෙක ගහගත්තා. මගේ මුළු ලෝකෙම කැරකෙනවා. ඒ කියන්නේ නිකිනිට අමාරුයි! දෙය්යනේ මගේ නිකිණි... මගේම නිකිණි...
චලනත් මගේ පස්සෙන්ම ඇවිත්ද කොහෙද.

"ක.. කලන.. වරෙන් මචන් අපි ගෙදර යං "

"මට බෑ.. මම නිකිනිව බලලා මිසක් මෙතනින් හෙලවෙන්නේ නැහැ"

"වරෙන් මචන් යන්න... අපි ටිකක් දවල් වෙලා එමු.. පාන්දර බලන්න දෙන්නේ..නෑ "

"බෑ ! පලයන් යන්න.. !! මම නිකිනිව බලන්නේ නැතුව මෙතනින් එක අඩියක් යන්නේ නැහැ"

"................."

"මට පාස් එකක් දීපං.. මට බලන්න ඕනේ"

"අනේ මල්ලි.. නිකිණි ආයෙමත් බලන්න බෑ මල්ලි... ආයෙමත් එන්නේ නැහැ මල්ලි... නිකිණි යන්න ගියා... යන්නම ගියා.... ඔයාගේ නිකිණි යන්නම ගියා"

හෙන දහසක් පිපිරුවා. මගේ ඇස්දෙක මොකද්ද උනා. මාව ඉද්ද ගැහුවා වගේ නැගිට්ටිලා ඉස්සරහට අඩියක් තියනකොටම චලන මාව බදලා අල්ලගත්තා.

"සන්සුන් වෙයන් කලණ... "

ඔක්කොම සුදුපාටට මට පෙනුනේ... ඔක්කොම තිබ්බේ තනිකර සුදු පාටට!!

"...... උඹටවත්.. මටවත් දැන් කරනන් දෙයක් නැහැ.. කලබ වෙන්න එපා"

"චලන..  මගේ නිකිණි.. අනේ.. චලන.. මගේ නිකිණි"

මම කොච්චර  හය්යෙන් කෑගහුවද කියන්න මම දන්නේ නැහැ. ඒත් මගේ මුළු ශක්තියම ඒකට වැයවෙලා මාව පරඬලක් වගේ බිමට කඩාගෙන වැටුනා. මගේ ඇස්වල කඳුළු විසි වෙලා ගියේ හැමතැනම. ඔක්කොම දේවල් කැරකෙනවා වගේ මතකයි.

"කලණ .. කලණ ...."

මම බිත්තියේ මගේ ඔලුව ගහගෙන ගහගෙන යනකොට චලන වෙන්න ඇති මාව බේරුවේ... මගේ ඔලුව පැලිලා නල දිගේ ලේ පනිනකොට මාව මෙල්ල කරගන්න චලනට පුළුවන් වෙන්න ඇති. එතන තිබ්බ බංකුවට මාව ගෙනාවේ පන අදින කොටි පැටියෙක් වගේ.

"ඉවසපන් කලණ... ඉවසපන්... මොකක් කරන්නද"

"අනේ මගේ නිකිණි...  නිකිණි... නිකිණි... නිකිණි...  ඇ..යි මචන්.. ඇයි මචං... මෙහෙම උනේ නිකිණිට... "

මම චලනව බදාගෙන කියෙව්වේ අව සිහියෙන්.


"ජීවිතේට මුණ දියන් කලණ "


චලන හෙමින් මිමිනුවා.


********************************
THE END


ඔබ එන්න - ඔබ ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේ මා  - වත රූ සිරි බෝමා
සන්සුන් ගමනේ රූසිරි බෝමා 

ආදරේ නොකියා ඉන්නේ කොහොමා





ප.ලි. : මෙතෙක් දුරට කියවූ සැමට, කමෙන්ට්ස් දැමු සැමට ස්තුතියි.     
මුලදී පටන් මට සෝදුපත් බැලු ; නොබැලු, සැමටත් ස්තුතියි.  

Special Dedication : To Nikini - the love of his life.. I know you are there!

37 comments:

  1. මොනවද හලෝ මේ කරපු අපරාදේ......

    ReplyDelete
    Replies
    1. :-|
      නොදනිමි කාගේ දොසා

      Delete
  2. හ්ම්ම් හොඳයි. ස්තූතියි

    ReplyDelete
  3. මිනීමරුවා , උඹ මේක කරන්නද යකෝ අපිව වටේ ගෙනිච්චේ , අන්තිමට අරුට හිටපු දෙන්නවම මරුවනේ උඹ, දුප් කිව්වේ නරියා

    ReplyDelete
    Replies
    1. මිනිමරුවෝද මනුෂ්‍යයෝය!
      දන්නේ නැහැ හලෝ.... මට බනින්න එපෝ

      Delete
  4. මේ කතාව ඉවරවෙන්න තිබුණු හොදම විදිහට ඉවරවෙලා .happily ever after සීන් කියවල එපාවෙලා හිටියේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත්... මේ කතාවට අවසාන දෙකක් තියෙනවා. ඒ ගැන මම පසුව ලියන්නම්... මිනීමැරුමක් විතරයි අඩුපාඩුවට තිබ්බේ. නැත්තම් පයිට් 10 , සින්දු 10 , හොටුපෙරාගෙන ඇඩිලි 15 ඔක්කොම තිබ්බනේ!

      Delete
  5. ඇයි ඉවර කරන්න හදිස්සි උනේ...?

    මේ කථාව සුජීව ප්‍රසන්නආරච්චි එහෙම ලියුවනම්, ඇසිඩ් ගහන තැනට එන්න අඩුම ගානේ පොත් 20ක්වත් යනවා, මුන් දෙන්නා අඬනවා, පැනලා යනවා, කොසුයි බතුයි කරවලයි කනවා, ආයෙ ගෙදරට අහුවෙනවා, අඬනවා, එකෙක්ට පිස්සු හැදෙනවා, අඬනවා, ලෙඩේට රට ගිහින් බෙහෙත් කරනවා, අඬනවා,..... etc.

    හත්වලාමේ කොච්චර නම් දේවල් කරන්න තිබුනද?

    ReplyDelete
    Replies
    1. මට වැඩිය හැකියාවක් නැහැ ඔය ඇඩිලි දෙඩිලි වගේ එව්වා පිටු ගණන් ලියන්න. අනිත් එක මගේ මිස්ටේක් එකක් නිසා චැප්ටර් බෙදුනේ අවුල්සහගත විදියට. අනිත් එක, අන්තිම සිද්දිය උනේ ඇත්තටම හදිස්සියේ. ඇඩ්මිට් කරලාම පහුවදා නිකිණි මැරුණා. ඉතින් ආයේ ඒකෙ මොනවා ඇදලා ලියන්නද?

      හෑ ? ඉතින් මමත් මෙච්චර දුරක් ලියාගෙන ආවේ ඒ තෙල් බලෙන් නේද? හි හි හි.. අඩනවා... කනවා.. නිදාගන්නවා... ඕකනේ ඉතින් සිද්ද උනේ!! අර ඉවාන් එහෙම බැනලා තිබ්බේ. හි හි හි

      සුජීව වගේ ටැලන්ට් එකක් මට නැත!

      Delete
    2. සුජීව වගේ ටැලන්ට් නම් ඔනෙම නැත....
      ඔය තියන ටැලන්ට් එක අපිට හොඳටම ඇතිය....

      කොයිහැටි වෙතත් කථාව හොඳටම රසවින්දා.....
      තැන්ක්යූූ වේවා.....
      තව තවත් ලියන්න හැකියාව ලැබේවා.....

      Delete
    3. ඉතින් මේකත් ඒ රෙසිපි එකේ කතාවක්නේ.. පොඩි වෙනසක් විතරයි තිබ්බේ... ඒ වෙනස සොයන්නන්ට සම්බවෙවා!
      මේවා 'මල්' කතා. අනිත් එක ලිව්වේ මම ඉස්කෝලේ යන කාලේ. ටයිප් කරලා දාපු එක විතරයි කලේ.
      මේ කතාවට පසු සටහනක් තියෙනවා. හිතුනොත් .ලියන්නම්. මේ කතාව නිසාම රිද්දෝගෙන ඉන්න හින්දා ටිකක් පරක්කු වෙලා දාන්නම්කො.

      යමක් ලිවිය යුතුය කියලා නම් එකෙක් ඇතුලේ ඉඳන් මැරෙන්න හදනවා. බලමු එයා කෑගහනවා ඉවසන්න බැරි උනොත් තව එකක් ලියවෙයි. හැබැයි, මම ලියන ඒවාට ප්‍රබුද්ධයෝ කමත්වා!
      Thx

      Delete
  6. ඒකත් එහෙමයි උනේ නේහ්. හරි දැන් ඔතන ඉඳලා තව කතාවක් පටන් ගත්තොත් කොහොම වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම තමයි උනේ....

      තව කතාවක් කිව්වේ? වෙන කතාවක්ද?? මේකනම් ආයේ බැරුවා! මෙච්චර තමයි...

      Delete
  7. මොනා වුනත් කතාවක තියෙන්නෙ ශෝකාන්තයක් හෝ සුබවාදී අන්තයක්....හ්ම්ම්...දුකයි...

    අනේ ලිඛිතා දැන් තව එකක් ලියමුද

    ReplyDelete
    Replies
    1. කතාවක අන්ත දෙකක් නැති වෙන්නත් පුළුවන්. මම එහෙම පොත් කියෝලා තියෙනවා. එහෙම පොත් නිසා ඊටපස්සේ මම සති ගණන් සයිකෝ පිට ඉඳල තියෙන නිසා වෙන්න ඇති, මම ගොඩක් විචාර වගේ දේවල් ලියන්නේ එහෙම ඒවා ගැන. මට ඒක ලොකු කම්පනයක්.
      තව එකක්? ඊ... මේවා මල් කතා. කතා ලියන එක කොහොමත් මට හැකියාව කෙසේ වෙතත්, ලෙඩක් වෙලා තිබ්බ දෙයක්. බලමු.. බලමු...
      ස්තුතියි මුල ඉඳලම කියවමින් ආවාට.

      Delete
  8. සේහ්.. පහුගිය දවස් ටිකේම මහා මුසල ගතියක් තිබ්බේ.. මේක බලන්නවත් එන්න හිතුනේ නෑ.. මෙහෙම කරදරයක් වෙනවා කියල මට නිකමට හිතුනා.. මම උන්නනම් මගේ කෙල්ලට මැරෙන්න දෙන්නේ නෑ.. :'(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් වෙන්න ඇති.... මට හරියට මරණ තර්ජන තිබ්බනේ අප්පා මේ කෙල්ල හින්ද!

      මම කියන්නද කල්‍යාණ මිත්‍රයා: ලියමුද 30 වෙනි කොටස ඔයා???? මෙහෙම නැතුව??? මොකද කියන්නේ අදහස????? නැත්තන් කොමෙන්ටුවක් විදියට දාන්නකෝ!

      මේ කතාවේ 30 වෙනි කොටස මේක නෙවෙයි. ඒ ගැන මම පුළුවන් උනොත් පසු සටහනක් තියන්නම්.

      ලියමුද? අඩුම තරමේ කොටස් දෙකක් වත් ??

      Delete
    2. ඇත්තටම මට ලියන්න හිතිලා ඉන්නේ... බලමු.

      Delete
    3. ලියන්න ලියන්න.... හෙටම ලියන්න

      Delete
  9. කල්‍යාණ මිත්‍රFebruary 25, 2017 at 12:15 PM
    කලන ලා එහෙම තමයි.. :)

    ReplyDelete
    Replies

    ලිඛිතාFebruary 25, 2017 at 12:20 PM
    හෙහ් හෙහ්... මේ කතාව ඉල්ලලා අස්කරගන්න ඔට්ටු නෑ මේ කතාව අවසානයේ හරිද?

    Reply

    මේ කොමෙන්ට් දෙක මතකද? මොකටද ඉල්ලා අස්කර ගන්නේ? කලණ ලා කොහොමත් එහෙම තමයි.. බොක්කෙන්ම තමයි ඕනේ එකක්..

    ReplyDelete
    Replies
    1. මම ඒකෙන් අදහස් කලේ බොක්කෙන් නොකරන එක ගැන නෙවෙයි. මම අදහස් කලේ කලණට බැරි වෙනවා එයාගේ ආදරේ අයිතිකරගන්න. ඇත්තටම කලණ පව්...

      ඇත්ත.. කලණ නම් බොක්කෙන්ම තමයි කලේ. මම ඒක දැක්කා!! ඇහුවා!!! සහතිකයි.

      Delete
  10. එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
    ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා
    මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
    දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මත නොකියාම ගියා

    දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින්
    කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින්
    මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

    එදා මෙදා තුර.........

    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
    ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්රි යේ

    එදා මෙදා තුර......... :'(

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේ සින්දුව.....! මරණිය දුකක් නේද?? මම ඕක අහලා කුලියට අඬනවා ඉස්සර. බැරිවෙලාවත් ඇහුනොත් ඔක්කොම වැඩ හබක්!!

      අපේ අහිංසක ආදරේ
      ලොවම එරෙහිවන
      ලොවට වසන්කල
      අපේ අහිංසක ආදරේ


      උයන් කොනක හිඳ සිසිලස විඳිනු බැරි
      අවන්හලක හිඳ දොඩමලු වන්න බැරි
      පවන් රොදක නැග සිසිලස විඳිනු බැරි
      අපේ අහිංසක ආදරේ


      කීවත් කෙනෙකුට අදහා ගන්න බැරි
      කියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරි
      රන්හුය පටලා කෙලවර දකිනු බැරි
      අපේ අහිංසක ආදරේ

      ගායනය: අමරසිරි පීරිස්

      Delete
  11. එක හුස්මට කියෙව්වා ඔන්න. කතාව මල් වුනාට නියමෙට ලියල තියෙනවා. කල්‍යාන මිත්‍රයාගේ කතාව කියවල මේක කියවපු හින්ද හිතට දුකක් නෑ.. අවසානය සුභයි නේ හෙහ් හෙහ්..

    අර සුළඟ වගේ ඇවිදින්, වස්සාන සිහිනය ඒ කාලේ කියෙව්වට පස්සේ මේ ජාතියේ එකක් කියෙව්වම ද කොහෙද.. අපි මල් කතා වලට කොච්චර ආඩපාලි කිව්වත් වහ වැටිලා වගේ කියවන්න පුළුවන් නේද..

    අර ගැජට් හදන දොස්තර මහත්තයාගේ බ්ලොග් එක එක හුස්මට කියෙව්වට පස්සේ කතාවක් එක දිගටම කියවගෙන ගියේ අද..

    ලිඛිත සිරාවටම මේක ලියල තියෙනවා.. සුපර් ඈ...


    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අන්තිම කොටස කියෝලා මට මන්නා පාර දෙන්න නොහිතුවේ වෙලාවට 'කලණ' වැඩේ ගොඩ දාපු නිසා වෙන්න ඇති. කලණට මගේ ස්තුතිය..
      ස්තුතියි...

      (පොඩියට: දැන්වත් ලිස්සලා නොයා ලියමුද විද්‍යා ප්‍රබන්ධයක්!!!)

      Delete
  12. කමෙන්ට් නොකලට දිගටම ආසාවෙන් කියෙව්වා.... ඉස්කෝලේ යන කාලේ නවකතාවක් කියවනකොට දැනුන හැගීමම දැනුනා. තව කතාවක් ලියන්න ලිඛිතා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.....

      ඒ කියන්නේ මල් නේද? හ්ම්ම් හ්ම්ම්ම්
      බලමු....

      Delete
  13. ලස්සනයි.කතාව ඇතුලෙම හිටපු නිසා හිතට දුකයි.

    ReplyDelete
  14. මං මේ බ්ලොග් එක ගැන දන්නේ මේ ළඟදිනේ.. ඔක්කොම.කියෙව්වේ අද දවස ඇතුලත... පිස්සු හැදිලා.වගේ උන්නේ ඉවර කර ගන්නකම්.. හිනා වෙවි, කුතුහලය පිරි කතාවක්.. ලස්සනයි හොඳේ.. පිරිමි ළමයි කතා කරන විදිය නම් ඒ විදියටම ලියලද කොහෙද... ඒකට නම් ටැලන්ට් එකක් තියෙනවා.. හී හී.. ඒත් නිකිනිවයි, කළන වයි එකතු කලා නම් හොඳයි.. ඇසිඩ් ගැහුවා කියලා මැරෙන්නේ නැහැනේ.. එහෙනම් ඇසිඩ් බාල්දියකින් නාවන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියෙව්වට, කොමෙන්ටුවට

      නිකිනියි කලණයි එකතු උනේ නැහැ. ඇත්ත කතාවේදීත් උනේ නැහැ. මම මේකේ අවසානය වෙනස් කළා චරිත වලට හානියක් වෙන නිසා. ඇසිඩ් ගැහුවාම මැරෙන්න පුළුවන් දරුණු පිළිස්සුම් උනාම.

      මීට උඩින් කමෙන්ට් කරලා තියෙන කල්‍යාණ මිත්‍රගේ කමෙන්ටු අග තිබෙන 'ඔහුගේ අවසානයත්' කියවන්න. එය ලස්සනයි

      Delete
    2. එහෙම එකක් හම්බුන් නෑනේ.. කවිය තමා තියෙන්නේ...

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...