04
-----------------------------------------------------------------------------------
ඕනෑම වෙච්ච කොටසක් විතරක් කියල ජාඩියාව පොලිසියට යන්න එන්න කැමති කරවා ගත්තා. ඇයි දෙය්යනේ ක්ලාස් යන්න විදියක් නෑ කාඩ් නැතුව. ටික්කගේ පුස් රැස් බලනවට වඩා හොඳයි හොරෙන් රිංගන එක. එහෙම ගියොත් ටියුට් නෑ. ඊට වඩා හොඳයි නොගිහින් ඉන්නෙක. අපි දෙබාන හැම ටික්කටම නෝට් නිසා ඒ වැඩේ කරන්නත් බෑ.
පොලීසියේ දොරකඩ හිටපු පොලිස් රාලහාමි අපි දෙන්නගෙම උඩ ඉඳල පහලටම බැලුවා. දැක්ක ගමන් කූඩුවට දාන මුණක්ද අපි දෙන්නට තියෙන්නේ?
"දවස් තුනකට කලින්?"
හරියට ඌ අහන්නේ උගේ දෙයක් මම දැක්කද වගේ.
"ඔව්"
මම පුළුවන් තරම් සප්ත ස්වරයන් එකතු කරලා කිව්වා.
"ආ.. අර මහයියාවේ වෙච්ච ඇක්සිඩන්ට් එකද? ඉතින් මොකද? ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ. ඒ මැඩම් වරද පිළිගත්තා; නඩු නෑ වැඩේ ගොඩ"
"එතැනදී මගේ පර්ස් එක නැති උනා"
"ඉතින් මම මොනවා කරන්ඩද? ඈ ?"
අනින්ඩ හිතෙනවා මුගේ හොම්බට.
විසිතුරු කොල
▼
Monday, February 27, 2017
Tuesday, February 21, 2017
64. ඔබ ඇවිත් යන්න එන්න... - 02
02
------------------------------------------------------
"කලනයෝ.. උඹ ටවුමටද යන්නේ?"
"ඔහ.. ඔව්.. ඇයි ?"
මම කලිසමට බහින ගමන් උත්තර දුන්නා.
"හිටපන් මමත් එනවා"
මට හීන්දාඩිය දැම්ම.
"මම ටෙරන්ස් ලාගේ ගෙදර ළඟින් බහිනවා"
"කමක් නෑ "
මුව හලන්න විදියක් නෑ. කොහොල්ලෑ ගුලියක් වගේ. ඇත්ත.. ඌ නැතුව මටත් , මම නැතුව ඌටත් ගමනක් නැති තරම්.
"ආ.. අද දෙබානම හාන්න යන්න වගෙයි"
අපි දෙන්නා සාලෙට එනකොට අතුගගා හිටපු නංගි කිව්වා.
"ඇයි තමුසේ වගේ කොසු නැටුම් දදා ඉන්න කියලද අපිට කියන්නේ මේ සොඳුරුබර ඉරිදා දවසේ? රටේ ලෝකේ කොතරන් නම් රාජකාරි වැඩ තියෙනවද අපිට?"
"මම නොදන්නවය. ඔන්න අපේ පන්තියේ කෙල්ලන්ට නම් පැණි පෙරලා අහුවෙන්න එපා හරිද. මට ලැජ්ජාවේ බෑ "
"අනේ තමුසෙලගෙ පන්තියේ ඉන්නවනේ මහා ලොකු බඩු ? ඕවටද ඕයි බඩු කියන්නේ"
මම නංගි එක්ක කොක්කක් දාගන්න අතරේ චලනයා ගිහින් අම්මගෙන් ගානක් කඩාගෙන ආවා.
"මේ.. ඉක්මනට එනවා හරිද? අද වැට කපලා සුද්ද කරලා මිදුල ටිකක් හදන්න ඕනේ හවසට"
නංගිගේ ඕඩර්ස් රැසයි.
"ඕව කරගන්නවා තමුසෙට මිනිහෙක් ගෙනාපු දාකට"
කොස්ස ඉස්සෙන්න කලින් අපි දෙන්නම පැන්නා පාරට. නුවර පැත්තට අද්ද අද්ද තිබ්බ බස් එකක ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අද නම් දෙන්නටම එක සීසන් එකයි.

Monday, February 13, 2017
62. කතාවට කතාවක්
සමහර ප්‍රබන්ධ සත්‍යට වඩා ගොඩක්ම සත්‍යයි. සමහර සත්‍ය ප්‍රබන්ධ වලට වඩා විශ්මය දනවන සුළුයි. සත්‍යත් ප්‍රබන්ධත් අතරමැදි දේවල් මායාකාරී විදියට හිත රවටනවා.
නවකතාවක් කියන්නේ කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට නවකතා තුල අපිට අපිවම මුණගැහෙනවා. සමහර නවකතා තුල අතුරු කතා අතරේ අපේ මහා කතාවේ අක්මුල් විහිදිලා ගිහින් අපිව ඒ කතාවට බද්ද වෙනවා. කියවන්නා විතරක් නෙවෙයි... සමහරවිට ලියන්නී වන ලිඛිතාත් එහෙම මගේම කතාවල හිරවෙලා පැටලෙනවා.
සමහර වෙලාවට මමම මගේ කතා කියෝලා බලලා පුදුම වෙනවා. ඒ මගේ හැකියාව නිසා නෙවෙයි 'නරුම කෙල්ල! උඹ ඇයි ඒ විදියට ලිව්වේ' කියලා මටම දොස් කියාගන්න! ඉතින් ඒකෙන් කෙනිත්තිලා වරුවක් විතර ආයෙමත් ඒ කතාව ඇතුලේ මගේ කොටස් පෙරලා වෙන් කරන්න උත්සහ කරනවා, මම දන්නවා ඒ කතාවේ බාගෙට බාගයක් තියෙන්නේ මම මාව හොයපු වෙලාවල් කියල.