විසිතුරු කොල
▼
Monday, January 30, 2017
59. අලුත් මා
ඔය ෆර්දාව
මදකට දෙන්න නංගි...
කඳුළු පිස, හිස
වසාගනු පිණිස හැංගී...
රිදෙන හද නොපෙනෙන්න
අබායා එකක් මටත් දෙන්න
වචන පිහි සැරට පතුරුගිය
අත්ල මරතොන්ඩි රටාවකිය
හිස තබා ගල් පතුරුමත
දෙදන නළලද බිම ඔබාගෙන
අලුත් මා
පිළිගනු මැන !
Sunday, January 29, 2017
58. කුමාරිහාමි 'මය'!
පිච්ච අතුරපු වියන් ඇඳ මත
තාම සුවඳයි එදා මෙන් ගත
වෙච්ච දේවල් හිතින් පිරිමැද
පෑම පමණයි හසරැල්ල හද
වීර විකුමන් කලද රජුනට
නෑර සෙනෙහෙන් පිදුම් ලැබුමට
ඝෝර රැවුලෙකි ඇඳපු පිරුවට
සාර සබ මැද නිරිඳු කළුවට
සිඳුණු සියොමැලි පුංචි ගෙලවට
තාම පංචායුද පැලඳුවට
තැලුණු කිරිකැටි ලපටි සිරුරට
වංගෙඩිය පල නොවේ කරුමෙට
සදාකල්හිම සෙනවි විරුණට
ලැබිද පැසසුම් , දුකද කම්පිත
මෙදා පින්බිම නොවේ පිහිටට
සිඳිද නුවරුන් ම'හෙලු වැව මත
Thursday, January 19, 2017
55. දේදුනු පාට
හත්පෙති මලකි අත
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...
කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....
කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?
ශේන්යා තාමත් සමඟ -
පැණිවළලු අතැ'තිවම මහමග...
කහපාට පෙත්තකි අත දරන
නිල, දම් පෙති තවම නොදනින
පාටම මිසක් පැටලවෙන
පැතුමද නොවේ ඉල්ලන....
කොයිපාට පෙත්තද
කෙල්ල නුඹ මට එවන්නේ?
කුමන ගීයද අදත්
සෙමෙන් මුමුනමින් පතන්නේ?
පතන මුත් හැමදාම ගීයෙන්
කවදදෝ පාටමල් පෙත්ත විසිකරන්නේ?
|
|
|
කවදාද කෙල්ල නුඹ මා දෙපා සුව කරන්නේ?
Thursday, January 12, 2017
54. විලාසිනි
නා දළු නොවෙන තොල් පෙති හිමි නොවන හිතක්
පා හිනැහෙන්න තතනන පෙම් නුරා වතක්
දා හය පෙනෙන දැල්වෙන නෙත් කැලුම් විතක්
මා අතැගිලිද සොයමින කිලිපොලන මතක්
Wednesday, January 4, 2017
Tuesday, January 3, 2017
52. නාඳුනන්නිය
නාඳුනන්නිය
නුඹ කොහි සිට ආවේද
මා මෙහි බිඳෙමින් සිටිමි
බිඳෙමින්ම උපදිමි
නැවතත් හුස්මගමි
මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....
ඔබේ මුදු බැල්ම,සිනිදු කොපුල
ඔබ මද සිනහව , ඔබේ දෙතොලින්
වරක්හෝ මා අමතනු මැන
මමද තනිවම
ඔබද තනිවම
යලිදු ජීවත්වෙමු....