Tuesday, August 9, 2016

21. මේ වැල් පාලම






මේ වැල් පාලම
අප දෙදෙන සිටින...

නුඹ තදින් පද්දන ,
මගේ මුරගෑම නෑසෙන....

මේ වැල් පාලම ,
ජලතල නොමැති ගඟ දෙපස යාකල....
වරපට එකින් එක මුදන,
කෑදර දනන් නෙතු පිනවන......

මේ වැල් පාලම ......

7 comments:

  1. හෙලවෙන කොට වැල් පාලම..
    දෑස පියන්.. බිම නොබලන්..

    මම ආස කරන ඒත් බයම තැනක් තමයි.. මිනිස්සු කෑදර ගග දෙපස ඉඩං වලටද?

    ReplyDelete
    Replies
    1. ගෘෂා...! එයා ගැනත් මම මේ කවියක් ලියන ගමන්....

      ඔය ආසයි බයයි එව්වා තියෙනවා නේද.... එක්කෝ ඕනේ නැහැ.. ආයෙමත් මොකටද ඉතින් නෙහ් ?

      ඉඩම්? අනේ මන්ද කල්‍යාන මේවා කොහෙන් ඔලුවට එනවද කියල. එක්කෝ මේ දවස්වල ඒ වගේ කටයුත්තක් ඔබගේ ඔලුවේ වැඩකරනවා වෙන්න ඕනේ, නැත්තම් කොහෙන්ද මෙතන ඉඩම් කතාවක් ආවේ?

      හත් වලාමේ මම මේ කියන්නේ වැල්පාලමේ මුන් දෙන්නා පැද්දෙනවා බලාගෙන ඉන්න උන් ගැන. උන් බලන් ඉන්නේ කොයි මොහොතේ කඩන් වැටෙයිද, ඒකෙන් කවුරු මැරෙයිද, කවුරුන් විසින් කවුරුන් බේරා ගනීද කියන 'කිලිපොලායන' දර්ශනයන් බලාපොරොත්තුවෙන්. ඒ වගේ අය වැඩිවෙලා බලාගෙන ඉන්න කැමති නැහැ. ඉක්මනට දෙකෙන් එකක් වෙනවා නම් හරිම කැමතියි. නැත්තම් මෙලෝ වැඩක් නැහැනේ. බැරිම නම්, ඊක් 'උදව්වක්' විදියට පාලමේ එක පැත්තක ලනුවක් කපන්න පුළුවන්.

      නේද?

      Delete
  2. වැල් පාලමට යට ,
    ඇල් ජලය ගලනා නදිය,
    ඹල්ලියේ සෙල්ලුවොත් ...
    පැද්දෙයි ද පෙරලෙයිද සිතාපන්..........

    ReplyDelete
    Replies
    1. මගහැරිලා ඔබේ කමෙන්ටුව.. සමාවෙන්න

      Delete
  3. ලිඛිතා ගේ කඩදාසියට .අදමයි එබිකම් කළේ..........

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...