විසිතුරු කොල
▼
Friday, July 29, 2016
17. නූතන අශෝකමාලා
මගෙ කුඩා පැල්පත
නුඹ විසල් පතුලට
පෑගුන .....
එකම එක පුටුකබල
නුඹ සුවඳ
තැවරුණ...
සාලියත් නොවේ නුඹ
මා සොයා
පැමිණෙන...
Sunday, July 24, 2016
16. තරාදිය
'දඩාස්'!!
ඉස්සරහ දොර සද්දෙන් වැසෙන හඬට බෝඩිමේ සියල්ලෝම උඩගිහින් වහලේ වැදෙද්දී, ඊට වඩා සද්දෙන් චාරුනිගේ හැඬුම් හඬ ඇසුණු මාලිකා කාමරයෙන් එලියට දුවගෙන ආවා.
"චාරුනී.... මොකද ළමයෝ.... මොකද මේ අඬන්නේ... අනේ කියන්නකෝ.. මොකද්ද කරදරේ... කවුරුවත් පස්සෙන් පැන්නුවද ? කෝ කවුරුත් නැහැනේ පේනතෙක් මානෙක.. කෝ ඉතින් කියන්නකෝ ළමයෝ ඔය ඇඩිල්ල නතර කරලා....චාරුනි... මොකද නංගෝ...?"
"ඇයි ඇයි අක්කේ. මොකද්ද ප්රශ්නේ?"
"නෑ මේ බලන්නකෝ රුෂිකා, එකපාරටම අඬාගෙන ආව. මම බය උනා.. කෝ ඉතින් අඬනවා මිසක් වචනයක් තාම කිව්වේ නැහැනේ. මොකද ළමයෝ... කතාකරන්නකෝ"
"ටිකක් ඉන්න දෙන්න පාඩුවේ"
"ඔව් ඔව්... කට්ටිය යන්න.. මම ඉන්නම්. රුෂිකා පාරට යනවනම් මටත් එක්ක කොත්තුවක් ගේන්න හරිද?"
"හරි හරි.... තව ටිකකින් යන්නේ"
මාලිකා ඇඳේ පෙරලි හඬන චාරුණි දෙස මදවේලාවක් බලාගෙන හිඳ , සෙමෙන් විට්ටමට ආසන්නයේ වාඩිවුනා. චරුනිගේ උරහිස් ගැස්ම මදක් අඩුවූ බව ටික වෙලාවක් ඇයට දැනෙද්දී, දුම් දමන කිරිතේ කෝප්පයක සුවඳක් එක්ක මාලිකා ඈ අසලම සිටගෙන සිටිනු චාරුනිට දැනුනා.

Tuesday, July 19, 2016
Wednesday, July 13, 2016
13. පොල්සම්බෝලෙන් කරන්ට්
මේක මේ ජෝක් කතාවක්ද කියල හරියටම කියන්න බැරි උනත් ඔෆිස් කතාවක්.
මගේ අතිජාත මිත්රයෙක් එක්ක මම කාලයක් ගාලු පාරේ තිබ්බ කොම්පැනියක වැඩකලා. ඒ කොම්පැනිය ඒ දවස්වල තිබ්බේ කොල්ලුපිටිය හරියට වෙන්න, දැන් නම් පතරංග, අලුත්ම අලුත්, කිරිටොය්යා බිල්ඩිමකට අරගෙන ගිහිල්ල තියෙන්නේ. මම මේ කියන දවස්වල රෙන්ට් එකට තමයි හිටියේ. ඉඩපාඩු හොඳටම මදි උනත් ඉතින් වැඩේ කරගෙන ගියා.
මේ බිල්ඩින් එක උනත් තරමක් ලොකුයි. තිබ්බ බිල්ඩින් උනත් අහස උසට හදල තිබ්බේ ඉඩපාඩු නැති නිසාමයි. ඒ ඔක්කොම අස්සේ අර ලබ්බේ තොවිලේ වගේ මුඩුක්කු ටිකකුත් තිබ්බා. කොටිම්ම පුංචි දොරක් වගේ එකකින් ගාලු පාරට ආවට ඇතුලට ගියාම බලන්න එපැයි , අර ලෝක ගොලේ මැද්දේ තියෙනවය කියන ජාතියේ වෙනස්ම ලෝකයක් වගේ එකක්. ඒ ලෝකේ සාලේ බඩු ඔක්කොම තියෙන්නේ පාරේ. ළමයි කන්නේ, පාඩම් කරන්නේ තවත් එකී, නොකී සියල්ල කරන්නේ පාරේ. අපේ බිල්ඩිමේ උඩ තට්ටුවට ඒ ගෙවල්වල සිද්දවෙන ගොඩක් දේවල් පේනවා.

11. වටකුරු මේසය
මේ වටකුරු මේසය
ඔබ-මා දෙදෙන
හිඳින..
යාබද ලෙසට පෙනෙන
මුත්
සම්මුඛව සිටින,
සම්මුඛව දකින මුත්
යාබද ලෙස
සිතෙන ..
මේ වටකුරු මේසය
Monday, July 4, 2016
09. උයනකලා
කලාව කියන්නේ කුමක්ද?
මේක මට අනුව නම්, දර්ශීය ප්රශ්නයක්. මේ ප්රශ්නයට අපි හැමෝටම එක එක උත්තර තිබ්බත් මේ ගැන ලොකුවට හදාරන උදවියට සියල්ල එකමිටකට ගන්නට පුළුවන් උත්තරයක්/ අර්ථකතනයක් හදාගන්න පුළුවන් සහ එහෙම සම්මත උත්තරයක් /අර්ථකතනයක් තියෙනවා. ඉතින් මම වගේ එකියක් මොනවා අඩුපාඩුවට එකතු කරන්නද?
අපි මොන තර්ක කිව්වත්, මගේ නම් අදහස උයනවා කියන්නෙම කලාවක්.
ඒ ඔක්කොම මගේ ඔලුවේ තිබ්බ මිසක් කාටවත් කියන්න ගියෙත් නැහැ මිට කලින් ලියලත් නැහැ. මම දන්නවා පළවෙනියත් , අන්තිමයත් , එකම එකිත් මම නෙවෙයි කියල.නමුත් මෙහෙම ලියන එකම එක්කෙනා වෙන්න ඉඩ තියෙනවා.
ඔය කුකිං කියන එක වෘතියක් විදියට තෝරාගන්න නම් මට හිතෙන්නෙම අනිත් ජොබ්ස් වලට වඩා තමන්ගේ ජොබ් එක ආසාවෙන් කරන කෙනෙක් වෙන්නම ඕනේ. මම මේ කියන්නේ සයිවර් කඩේ තෝසේ දාන එකා ගැන හරි හන්දියේ නයිට් කඩේ කොත්තු බාස් ගැන හරි නොවෙන්න පුළුවන්.
08. උපුල් පුසුඹක්
අඳුරක් නොමැති කුටියක
සිඹිමින් සෙමෙන් නළලත
ඉඳුරන් තදින් සැරසෙත
වෙලෙමින් නෙතින් බැල්මෙක
සිහිල් නාදළු සැලී
දුහුල් වටතිර ගැලී
කොපුල් මත දියසුළි
උපුල් පුසුඹක් වෙලි